ප්‍රබන්ධයකට එහා ගිය මගේ කතාව -02

එදා රෑ මට හම්බවුන ඒ ජීවියා මොකෙද්ද කියලා අදටත් මං දන්නේ නෑ .ඒත් මේ මුලු විශ්වයටම ඉන්න එකම පරිපූර්ණ ජීවියා තමා ඒ  කුරුල්ලා.සරලවම කිව්වොත් කාලයේ රාමුවට මේ කුරුල්ලව අහුවෙන්නේ නෑ.මටත් කැම්පස් එකේ අන්තිම කාලේ ඉගෙනගද්දි තමා මේ කුරුල්ලා ගැන පොඩි දෙයක් හරි තේරුනේ.ඒ කාලේ මං දැනන් හිටපු ලොකුම කුරුල්ලා තමා ඇත්කද ලිහිණියා.ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා ආට් රූම් එකට එකට ගිහින් ආට් ටීචර්ව කතාවට අල්ලගෙන ඉංග්‍රීසි පිරියඩ් එක ඉවරවුනාම පංතියට එන එක තමා ඉංග්‍රීසි මිස්ගෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමේ.අම්මප අපේ ඉංගිරිසි මිස් කියන්නේ මනුස්ස ආත්මයක් ලබපු යක්ෂනියක්.කොහොම හරි ආට් රූම් එකේ දැකපු ඇත්කද ලිහිණියාගේ චිත්‍රෙ එක්ක අර කුරුල්ලගේ විශාලත්වය සමාන නිසා මං උට ලිහිනියා කියලා කියන්න පුරුදු වුනා.ඉතිං මේ ලිහිණියා ගැන විස්තර කියන්න ගියොත් තව ගොඩක් දේවල් තියෙනවා කියන්න.පුලුවන් විදිහට ඒවා පස්සේ කියන්නම් .ඔයාලට මතක ඇති මං කිව්වා ඊලග කතාවෙන් ඔයාලා මාව විශ්වාස කරයි කියලා.මේකයි ඒ කතාව ...

එතකොට මට ලිහිණියා හම්බවෙලා මාස 11කට වඩා ගෙවිලා ගිහින්.ආ මට කියන්න බැරි වුනා .ලිහිණියට පුලුවන් මනසින් කතා කරන්න.ඒ නිසා අපි දෙන්නා අතර වචන වලින් කතාබහක් වුනේ නෑ.මාස 11 ක් තිස්සේ අපි හැම රෑකම හම්බවුනා .ඉතිං 2004 අවුරුද්දේ දෙසැම්බර් 25 වෙනිදා ඒ කිව්වේ නත්තල් දවසෙත් ලිහිනියා එනකන් මං රෑ 11 ඉදන් බලන් හිටියා .ඒත් ඉර එලිය වැටෙනකම්ම බලන් හිටියත් ලිහිණියා ආවේ නෑ.ඒ වෙද්දි ලිහිණියා කියන්නේ මගේ ජීවිතේම කොටසක්.ගොඩක් තැන්වලට මට ලිහිණියා එක්ක යන්න පුලුවන් උනා.ඒත් හදිසියේම ලිහිණියා ආවේ නැති නිසා මට කියාගන්න බැරි දුකක් ආවා ....ඉර එලියත් වැටිලා .මට පට්ට නිදිමතයි.අද පෝය නිසා කවුරුත් නැගිටලත් නෑ.ලිහිණියත් පෝය නිසා නිවාඩු දාලා ඇති කියලා මං නිදාගන්න ගියා.මරණාසෙන්නටම නින්ද ගිහින් තියෙද්දි අම්මා කෑගහපු සද්දෙට මාව ඇහැරුනා."චූටි පුතේඒඒඒ".සැපට ඇද බදාගෙන නිදා ගෙන හිටපු මම උසේන් බෝල්ට් 100m ෆයිනල් එක දිව්වා වගේ සෙනිකව සාලේට දිව්වා.සදා සොත්ති භවන්තුතේ!ගෙදර ඔක්කොම ටීවි එක ගාව.අම්මා මාව දැක්කා විතරයි"චුටි පුතේ මුහුද ගොඩගලලා" කිව්වා.කිරි අප්පට බල්ලෝ පැනපි.රජ කාලේ වෙච්ච සීන් එකේ part 2 කොහෙද.දවල් 12.30 වෙලාව.වහින්නේ නැතුව මුහුද ගොඩ ගලන්නේ කොහොමද .වැස්සට නම් ගගවල් උතුරලා ගංවතුර එනවා කියලා අහලා තියෙනවා .ඒත් කොහොමද මුහුදක් ගොඩගලන්නේ?

ඔන්න ඕකයි කතාව .එදා ඇත්තටම මුහුද ගොඩ ගැලුවා .ගොඩක් මිනිස් ජිවිත ,නිවාස නැතිවුනා.ඊට දවසකට පස්සේ ලිහිණියා ආයෙත් ආවා.එතකොට තමා මං ඇත්තටම වෙච්ච දේ දැනගත්තේ .දෙසැම්බර්  25 වෙනිදත් ලිහිණියා මාව බලන්න හිතාගෙන ඇවිත්.මං ඉස්සරදි අශ්වයෙක් තරම් වුනාට ලිහිණියාගේ ඇත්තම ප්‍රමානේ නගරයකටත් වඩා ලොකුයි.ඒකයි ලිහිණියා ආපු පලවෙනි දවසේ රෑ මට මුලු අහසම අලු පාටට පෙනුනේ.ඉතිං මේ ලිහිණියා මුහුද උඩින් එද්දී මොකක් හරි හේතුවක් නිසා සමබරතාව නැතිවෙලා මුහුදට වැටිලා.ඒ හේතුව නම් මගේම හොදට කියලා ලිහිණියා මට කිව්වේ නෑ.නගරයකටත් වඩා ලොකු දෙයක් මුහුදට වැටුනට පස්සේ මුහුද ගොඩගලන්නේ නැතුව තියෙනවද. හරියට වතුර  බේසමකට කලු ගලක් අත ඇරියා වගේ.ඒත් එදා මට ආව ප්‍රශ්නේ තමා ලිහිණියව රේඩාර් වලට අහුවුනේ නැත්තේ ඇයි කියන එක.ඒකට උත්තරේ මට දැන් හිතාගන්න පුලුවන් .කාලය කියන දේට අහුවෙන්නේ නැති දෙයක් රේඩාර් වලට අහුවෙන්නේ නෑනේ.

ඔන්න ඕකයි 2004 සුනාමිය ගැන කවුරුත් නොදන්න ඇත්ත කතාව.මං කියන කතාව විශ්වාස නැති නිසයි මේ කතාව මුලින් දැම්මේ.ඇයි ලිහිණියට මාවම හම්බ වෙන්න ඕනේ වුනේ,අපි ගියපු තැන් .ගොඩක් දේවල් තියෙනවා කියන්න .ඊලග කතාවෙන් තව වෙච්ච දෙයක් කියන්නම්

Comments

  1. විනෝදෙට මෙහෙම පිස්සු කෙළින්නේ උන් ඉන්නවා නේ යකෝ...

    ReplyDelete

Post a Comment

Popular Posts