මියැදුනු පෙම්වතියට
සිහිනෙන් පවා දැනෙන ඒ සුවද
කෙලිදොලෙන් දොඩමළු වූ මතක
දැනුදු අමතක නොවන නුඹේ සිනහව
අතරින්..........ඉතිරි වුයේ??
ජීවිතයම ආදරයේ අංශුවක් වූ එදා
තුරුණු පෙමක වියලි මතකය විදින මම
නුඹ නොමැතිව සැමදා උදාවන "අද"
නොමැකී සිහිනෙන් මා සොයා එන නුඹ
දස වසරක සිට රිදුම් දෙන ඒ මිහිරි තුවාලය
පාරවමි මදුවිතෙන් ඉඩ ලද විටෙක
නමුදු මා තවමත් සොයමි
මරණය වැලදගත් නුඹව
අනුරාගය මිස අප අතර කොහිද රාගයක්
විදින්න ආශාවක් ඇතත් නැතිවු සෙනෙහස
මා තවමත් සොයමි නුඹේ සොහොන්කොතෙන්
සොදුරිය...
විඩාවෙන් වේදනාවෙන් මිරිකුනු මට
විසදුම මරණයද?
නුඹ කී ලෙසම අද සොයා යමි ජිවිතය
නමුදු සොදුරිය මට මා හමුවන දින නුඹට මා හමු නොවනු ඇත


Comments
Post a Comment