පොත් 📚 මොකටද අපිට ?
පොතක් කියන්නේ නිකම්ම කඩදාසි ගොඩක් නෙමේ.ඒක වෙනම ලෝකයක්.පොතකින් වෙනම සමාජයක් වෙනම ලෝකයක් වෙනම මිනිස්සු ටිකක් දකින්න පුලුවන්.සෑබැ ජිවිතේ ගොඩක් චරිත පොත් වලින් හම්බවෙනවා.මට නම් මාවම සමහර චරිතවලින් හම්බ වෙලා තියෙනවා .ඒක එක විදිහක මායාවක් .ඒත් මං ඒ ෆැන්ටසියට ගොඩක් පෙරේතයි.
ඒ වගේම ලේඛකයත් ගොඩක් වෙලාවට තමුන්ට ලං කරගන්න බැරි වෙච්ච ලෝකේ තමුන් ලියන පොතක් තුලින් දකිනවා.මම මගේ කතාව දැකලා තියෙනවා පොත් වලින් අඩු හෝ වැඩි වශයෙන්.සමහර චරිත ජීවිතේට ගොඩක් සමීපයි.ඒ වගේම සෑබැ ලොකේ හම්බවෙන්න කැමති ඒත් කවදාවත් හම්බනොවෙන පුද්ගලයෝ පොත් වලින් හම්බවෙනවා.සමහර චරිත වලට අදටත් ගරු කරනවා ගුරුගීතයේ "දුයිශෙන්" නැති වූ වානේ පන්නරයේ "පවෙල් කොර්චාගින්" සෑබෑ මිනිසෙකුගෙ කතාවක් පොතේ "කොමිසාර්" අම්මා පොතෙ "පවෙල් ව්ලාසව්" ගොලු හදවතේ " සුගත් " විරාගයේ " අරවින්ද " ගම්පෙරලියේ " තිස්ස " හුණුවටයේ කතාවේ " අම්මා " ෂර්ලොක් හෝම්ස් එකේ "වොට්සන්" සෙංකොට්ටං පොතේ " වීරප්පුලි හේනයා" මහල්ලා හා මුහුද පොතෙ " මහල්ලා " මඩොල් දූවේ "උපාලි " පෙරලු නැවුම් පසේ " දවිදොව් " වගේ ගොඩක් චරිත හිත ඇතුලෙ ජීවත් වෙනවා.නොදැක්ක ලෝකේ දකින්න ෆැන්ටසියක තනිවෙන්න එක පාරක් පොතක් කියවන්න.සමහර විට ඔයාට ඔයාවම හම්බවෙයි


Comments
Post a Comment