ලියුම
ආදරණීය චූටි,
අවුරුදු ගානක් ගියා .ඔයා බැදලා දැන් ලමයිනුත් ලොකු ඇති.ජපන් මාස්ටර් දැන් ගොඩක් වයසයි.ඇවිදින්නත් අමාරුයි.ඩික්මන් රට ගියා.ලෙනියා කසාද බැදලා ගියා.අවුරුද්දකට සැරයක් අපිව බලන්න එනවා ලමයි එක්ක.රාජා අයියා ඇක්සිඩන්ට් එකක් වෙලා පැරලයිස් වුනා .මන් කොත්තු කඩේක වැඩ කරනවා.එදා ඉදන් මන් උයන්න ආසයිනේ .ඒකෙන් හම්බවෙන පඩියෙන් මාස්ටර්වයි රාජා අයියවයි බලාගන්නවා.සමහර දවස් වල හවසට ගල් බෝතලයක් ගෙනත් මායි මාස්ටරුයි සෙට් වෙනවා.බිව්වම මාස්ටර් අඩනවා ඉස්සර අපි හිටපු හැටි මතක් කරලා.ඉස්සර ගැන මතක් වුනාම මගෙත් ඇස් වලට කදුලු එනවා .ඔයා වැඩ කරපු වැනල් එකේ දැන් නිව්ස් කියන්නේ ඔයාගේ කැමරාකාරයා.මොලකාරයාත් ආගිය අතක් නෑ.සාකියාට යන එන මං නැතුව පිටකොටුවේ dvd විකුනනවා මෝඩ ජෝඩුව එක්ක.මටත් දැන් වයස නිසා ඉස්සර තරම් ශක්තියක් නෑ .ගොඩක් දේවල් වෙනස් වෙලා චූටි.ඔයා අපිව බලන්න එන්නේ නැද්ද?
මීට මෝනිස්


Comments
Post a Comment