සුලඟ -2
පුරුදු විදියටම නිශාන්ගේ මූනේ තිබ්බේ කලින් තිබ්බ අහිංසක හිනාවමයි.නිශාන්ට තිබ්බ හුගක් අහිංසක ඒ වගේම හුගක් මිත්‍රශීලි හිනාවක්.
"මං කියන හැමදෙයක්ම ඇත්ත ශානි" නිශාන් හුගක් සන්සුන්ව කිව්වා ."ඉතින් " ශානි ඇහුවේ හුගක් කුතුහලයෙන් ,නිශාන් කියන දේවල් අහලා ශානි හුගක් පුදුම වෙලා හිටියේ .
"ඉතින් ඒ කාලේදි තමා සිතුදි මගේ ජීවිතේට ආවේ.ඊට කලිනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක සම්බන්දකම් තිබුනු මට කෙල්ලෝ කියන්නේ විහිලුවක් වගේ. සිතුදි අප්සරා එයාගේ නම.ඇත්තටම නම වගේම එයා අප්සරාවක් වගේ ලස්සනයි.මට වඩා අවුරුදු 2ක් බාල පුංචි කෙල්ලෙක්.
සිතුදිව මට මුලින්ම හම්බවුනේ මන් යන පන්තියක් ගාව එයා ඉද්දි.ලස්සන අහිංසක පෙනුමක් තියෙන කෙල්ලෙක් බිම බලාගෙන ඉන්නවා.එදා තමා මට සිතුදිව යාලු කරගන්න ඕනේ කියලා හිතුනේ.එදා ඉදන් මන් ඒ පන්තිය ගාවට ගිහිල්ලා කොහොම හරි සිතුදි එක්ක යාලුවුනා.
සිතුදි කියන්නේ හුගක් අහිංසක කෙල්ලෙක්.මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කරන්නත් බයයි .මන් ගැන ඒ වෙද්දි හැමෝගෙම හිතේ තිබ්බේ රස්තියාදුකාර චරිතයක් .ඒ වගේ දෙයක් දැනගැනත් සිතුදි මන් එක්ක යාලුවුන එකත් මට පුදුමයක් වුනා.ටික දවසක් යද්දි මට තේරුනා සිතුදි කියන්නේ මගේ අල්ලේ නැටවෙන අහිංසක කෙනෙක් කියලා..මගේ නපුරුකම්,දඩබ්බරකම් ඔක්කොම යැව්වේ මන් සිතුදිගේ පිටින්.මන් දැනගෙන හිටියා සිතුදි මට පන ඇරලා කියලා .ඒ හින්දම මන් සිතුදිව රිද්දලා මහ අමුතු සතුටක් වින්දේ.ඒත් එයා නිසා මම බොන එක ටිකක් අඩුවුනා.මන් බිව්වා කියලා දැනගත්තොත් රෑට කෝල් කරලා පොඩි එකෙක් වගේ අඩනවා.මගේ හිතේ කිසිම අනුකම්පාවක් තිබ්බෙම නෑ .සිතුදිට බැනලා පෝන් එක කට් කරනවා.ඒත් මට සිතුදිව අතඅරින්න ඕනේ වුනේ නෑ.ඒ අහිංසකමටයි ලස්සනටයි මන් ගොඩක් කැමති වුනා .ඊටත් වඩා ආසා වුනා.අනික මට එයා නැතිවෙයි කියලා බයක් තිබ්බෙ නෑ.සිතුදිව මට තව එක කෙල්ලෙක් විතරක් වුනා."
.......................................................................
"හ්ම්ම්ම්! ඔහොම අවුරුදු 4ක් ගියා.මම යන්තන් ඒලෙවල් ගොඩදාගත්තා.ගෙදර අයගේ බලේටම මන් රස්සාවකට නොයා කෝස් එකක් කරන්න ගත්තා.එතකොට සිතුදිත් ඒලෙවල් එක්සෑම් ලියලා ගෙදරට වෙලා හිටියේ.කොච්චර කාලයක් ගියත් වෙනස්වුනේ නැති දේවල් තිබ්බා.ඒ තමා සිතුදිගේ ආදරෙයි මගේ නපුරුකමයි.මට මොන ප්‍රශ්නේ වුනත් සිතුදි හැමවෙලාවෙම මන් එක්ක හිටියා.ඒත් මන් හිතුවේ මන් ගැන විතරයි.මට එයා ගැන හොයලා බලන්න හිතුනේ නෑ.ඒ වෙද්දි මන් සිතුදිගේ වටිනම දේත් උදුරගෙන තිබ්බේ.කිසිම දෙයක බරපතලක් මට තිබ්බේ නෑ."
..............................................................
" එදා මගේ උපන්දිනේ.සිතුදි එක්සෑම් එකෙන් පස්සේ ගෙදරට වෙලා හිටපු නිසා එයාව හම්බවුනේම නෑ.උපන්දිනේ දවසට කලින් දවසේ සිතුදි කිව්වා මාව හම්බවෙන්න ඕනේ කියලා.මට මොනවාහරි තෑග්ගක් අරන් ඇති.එහෙම හිතලා මම එයාව හම්බවෙන්න පාක් එකට ගියා.මේ වගේම දිග සිමෙන්ති බංකුවක එයා වාඩි වෙලා හිටියා.මාව දැක්කම මූනේ තිබ්බේ ඒ අහිංසක හිනාවමයි.එයා කලින්ටත් වඩා ලස්සන වෙලා .මට එහෙම හිතුනට කියන්න මට බැරිවුනා." "හැපිබර්ත් ඩේ නිශි අයියේ " එහෙම කියලා මට පොඩි බෑග් එකක් දුන්නා."තෑන්ක්ස්" එහෙම කියලා මම බැලුවා මොනවද කියලා .පර්ස් එකකුයි ලස්සන වොච් එකකුයි.වොච් එක දැක්කම මට ආසා හිතුනට මන් මොකුත් කිව්වේ නෑ.පුරුදු අහිංසක විදිහටම සිතුදි ඇහුවා "දැන් ඉස්සරහට මොකද කරන්නේ " ." ඒ කිව්වේ" මන් ඇහුවා."ඒ කිව්වේ ඉස්සරහට මොකද වෙන්නේ.ඔයාගේ හීනේ මොනවා කරන්නද " ඒක අහලා මට හිනා ගියා."මගේ හීනේ ලොකු බිස්නස් එකක් පටන් අරන් සල්ලි හම්බ කරන එක තමා.ඒක නෙමේ තමුසෙ මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ" මන් ඇහුවා ."මගේ හීනේ ටීචර් කෙනෙක් වෙන එක" සිතුදි කිව්වා."ටීචර් කෙනෙක් වෙලා මොනවා කරන්නද ඕයි "
ඒ තමා මම .මනුස්සයෙක්ගේ හැගිම් වලට ගරු කරන්න මගේ පුරුද්දක් තිබ්බේ නෑ.එතනින් පස්සේ අපි දෙන්නා පාක් එකෙන් එලියට ආවා.ඒ හරියේ කෝච්චි පාරක් යනවා .ඒ පාරෙන් අපි දෙන්නා යන්න යද්දි කෝච්චියක් එනවා.කෝච්චිය තිබ්බේ ලග නෙමේ ."අයියේ කෝච්චියක් එනවා පාරෙන් අයින් වෙමු"එහෙම කියලා සිතුදි පාරෙන් අයින් වුනා . මම හිනාවෙලා කිව්වා "කෝච්චිය ඈත තියෙන්නේ හලෝ" ඇත්තටම ඒ වෙද්දි කෝච්චිය ලග තිබ්බේ .මට ඕනේ වුනේ කෝච්චිය ලගට එද්දිම එතනින් අයින් වෙන්න"මගේ හිතුවක්කාරකමට මන් කෝච්චිය දිහා බලන් හිටියා.කෝච්චිය ලගට එද්දිම මට සිතුදිගේ පැත්තට යන්න හම්බවුනේ නෑ."ඊට කලින් සිතුදි මාව රේල් පාරෙන් අහකට තල්ලු කරා.මාව ගිහින් රේල් පාරෙන් අනිත් පැත්තේ වැටුනා.කෝච්චිය කිසිම හැගිමක් නැතිව මගේ ඉස්සරහින් ගියා .මට කිසි දෙයක් හිතාගන්න බැරිවුනා.පලවෙනි වතාවට සිතුදි ගැන ලොකු බයක් දැනුනා.කෝච්චිය ගියාමයි මන් දැක්කේ සිතුදි පාරේ අනිත් පැත්තේ වැටිලා ඉන්නවා.සිතුදිව කෝච්චියේ වැදිලා විසික් වෙලා ගිහින්.මන් සිතුදි කියාගෙන එතනට දිව්වා.සිතුදිගේ ඔලුව බිම වැදිලා සිහිය නැතිවෙලා .ඔලුවෙන් ලේ එනවා.මන් පිස්සුවෙන් වගේ" සිතුදි... සිතුදි ඇස් අරින්න සිතුදි "කියලා කෑගැහුවා.පස්සේ පාරේ හිටපු මිනිස්සුන්ගේ උදව්වෙන් එයාව හොස්පිට්ල් එකට අරන් ගියා.ඒ අහිංසකී දවස් තුනක් ජීවිතේ එක්ක සටන් කලා.මන් සිතුදි ගාවට වෙලා එයාට සිහිය එනකන් බලන් හිටියා.තුන්වෙනි දවසේ එයා මගේ ඇස් ඉස්සරහම මාව දාලා ගියා.මන් සිතුදිව බදාගෙන කොච්චර වෙලා ඇඩුවද මන් දන්නේ නෑ.ඒ අහිංසක පුංචි කෙල්ල පොලොවේ යට හැංගුනා සදහටම .එදායින් පස්සේ මට ජීවිතයක් තිබ්බෙ නෑ.සිතුදිට රිද්දපු හැටි .එයාට බැනපු හැටි.එයා අහිංසක විදිහට හිනාවුන හැටි හැමදේම මැවිලා පේන්න ගත්තා.පස්සේ එක දවසක් එයා දුන්න පර්ස් එක මන් අහම්බෙන් බැලුවා.ඒක ඇතුලේ පොඩි ලියුමක්.
"අද ඔයාගේ උපන්දිනේ.මේ පුංචි තෑග්ගට ඔයා කැමති වෙයිද දන්නෑ.ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනේ අයියේ.මට ඕනේ කොච්චර බැන්නත් හුලගක් වගේ ඔයා ලගින්ම දැවටිලා ඉන්න.මං ඔයාට මොන වගේ කෙල්ලෙක් කියලද දැනෙන්නෙ අයියේ?"
ඒක දැකලා මට කෑගැහුනා."ඔයා මට තව අම්මා කෙනෙක් සිතුදි"
.....................................................................
"එතනින් පස්සේ මන් සිතුදි කිව්ව විදිහට හීන වලට මහන්සි වුනා.මන් වෙනස් වුනා .මාත් සිතුදි වගේ නිශ්ශබ්ද කෙනෙක් වුනා.හැමදවසකම සිතුදිව මතක් වුනා.මන් මගේ හීනේට ගියා.ලොකු බිස්නස් එකක අයිති කාරයෙක් වුනා .දැන් මට සල්ලි ,බලය ,ප්‍රසිද්ධිය ඔක්කොම තියෙනවා .ඒත් එකම එක දෙයක් ඇරෙන්න.මන් ඒ අහිංසකීව මරාගත්තා.
සිතුදි කියන්නෙ ඇත්තටම හුලගක් .ඒ හුලගේ සීතල මට දැනෙද්දි ඒ හුලග මාව දාලා ගිහින්.කිසිම කෙනෙක්ට ඒ හුලගේ තැන ගන්න බෑ.මගේ හීනවලට මන් ඇවිත් ඉන්නේ.ලගදිම දවසක ඒ හුලග හොයාගෙන මන් යනවා ශානි.දැන් ඔයා යන්න.මන් කාවවත් බදින්නේ නෑ"
එහෙම කියලා නිශාන් තමුන්ගේ කතාව ඉවර කලා.කිසිම හැගිමක් නැති ඒ මූනේ භයානක බලාපොරොත්තුවක සේයාවක් ඇස් දෙකේ හැංගිලා තියෙනවා ශානි දැක්කා.
-නිමි-


Comments
Post a Comment