සුලඟ
"අයියේ!අනේ ඇයි මේ " තම මුහුණේ දැවටුනු සීතල අතේ අයිතිකාරිය දෙස මද වෙලාවක් බලා සිටි නිශාන් ඇයට මදසිනාවක් පෑවේය."ඇයි නිශාන් අයියේ ඔයා මෙහෙම කරන්නේ.හැමදාම බොනවා ගෙදරට වෙලා.මන් එක්ක කතාවක් වත් නෑ.ලබන මාසේ මැරේජ් එක අපේ ...ශානි පොඩ්ඩක් මෙතනින් වාඩි වෙන්නකෝ
නිශාන් සමරතුංග එහෙම නැත්තන් නිශාන් ගෲප් වල අයිතිකාරයා හුගක් නිශ්ශබ්ද චරිතයක්.ශානි කියන්නේ නිශාන්ගේ යටතේ වැඩ කරපු හුගක් දක්ශ වගේම ලස්සන කෙනෙක්.නිශාන්ගේ වත්පොහොසත්කමත් පෞරුෂයත් නිසා ශානි නිශාන්ට ගොඩක් ලොකු කැමත්තකින් හිටියේ.මේ නිසාම ශානි එයාගේ ගෙදර අයට කියලා නිශාන්ට විවාහ යෝජනාවක් කරනවා.නිශාන්ගේ ගෙදර අය මේකට කැමති වෙන්නෙ එක පයින්.නිශාන් ඒ වෙනකන් ආපු හැම යෝජනාවකටම මොකක් හරි වැරද්දක් කියලා ඒකට කැමති නෑ කිව්වා.නමුත් මේ පාර අම්මගේ හිත රිද්දන්න බැරි නිසාම නිශාන් මේ යෝජනාවට කැමති වෙනවා.නිශාන්ගේ ගෙවල් කලුතර .ඒත් කම්පැනියේ වැඩවලට කොලඹ එන්න වෙන නිසා එයා කොලඹ එයාටම කියලා ගෙයක් හදාගෙන තනියම තමා හිටියේ.පුලුවන් වෙලාවට ගෙදර යනවා.ඉතින් නිශාන් කියන්නේ නිශ්ශබ්ද අමුතුම කෙනෙක්........
නිශාන් කිව්ව විදිහට එයා ගාවින් වාඩි වුන ශානි නිශාන්ගේ මූන දිහා බලන් හිටියා.නිශාන්ගේ ගෙදර වත්තේ කොනක තිබුන සිමෙන්ති මේසේ ගාව ඉදන් තමයි එයා හුගක් වෙලාවට ඉන්නේ .ඒත් ටික දවසක ඉදන් මේ මේසේ තිබ්බේ හිස් බෝතල් විතරයි.
"ඉතින් මට ඉදගන්න කිව්වේ මොනවාහරි කියන්නනේ .ඒක දැන්වත් කියනවද " ශානි ටිකක් තදින් ඇහුවා.පුරුදු විදිහටම හිනාවුන නිශාන් තමන්ගේ කටහඩ අවදි කලා.
"ශානි ! ඔයා හිතනවා වගේ නිශ්ශබ්ද අහිංසක කෙනෙක් නෙමේ මම.මම ඉස්සර මීට වඩා හුගක් වෙනස්" කියමින් නිශාන් තමන්ගේ මතකය අවුරුදු ගානක් ආපස්සට අරගෙන ගියා
"එතකොට මම ඒලෙවල් පටන්ගත්තා විතරයි.ඕලෙවල් යන්තමින් පාස් වෙලා ඒලෙවල් වලට එල්ලුනේ කිසිම අදහසක් ඔලුවේ නැතුව.ඕලෙවල් කාලේ ඉදන්ම මන් රන්ඩු වෙනවා.රස්තියාදු ගහනවා .පංති කට් කරලා බොන්න යනවා .කොටින්ම කිව්වොත් ගෙදර අයට මාව ලොකු හිසරදයක් වෙලා තිබ්බේ."
"ඔය ඇත්තමද " පුදුමයෙන් ඇස් ලොකු කරගත්ත ශානි ඇහුවා


Comments
Post a Comment