අන්සතුයි!!!
ආදරණීය වස්සානය එක පාරක් ආයේ
උදාවෙන්න
ආසයි විදින්න ඒ දුහුල් මලේ සුවද
ආසයි දොඩමළු වෙන්න හැමදා
වශිවෙන ඇස් දෙකක් එක්ක තියෙන්නේ පිස්සු වැටෙන හිනාවක්
නුඹත් නෑ මට අවනත
මාත් නෑ නුඹට අවනත
හිතුවක්කාර නුඹේ ඇසුර
යාලුකම කියන වචනෙන් වැහිලා
දවසක් එයි ඒ බැදීමට නියම නමක් හොයාගන්න
එදාට මට නුඹ නැතිවේවි
බයයි වසන්තය උදාවෙනවට මම
හොදයි මට මේ ඉඩෝරය
මොකද...
නුඹ අන්සතු මලක් මට හිමිනැති


❤
ReplyDelete🤩😋😘
ReplyDelete