ට්‍රිප්

"වොට්සන් අවුරුදු  ගානකට පස්සෙත් ප්‍රථම ප්‍රේමයේ රසමුසු තැන් හිත පාරගෙන එලියට එනවා නේද?"
"ඒකි එහෙම නෑ හෝම්ස්" මට ඉබේටම කියවුනි."දෙයියෝ සාක්කි හෝම්ස් .උබ කොහොමද දැනගත්තේ මට ඒකිව මතක් උනා කියලා." 

"සරලයි මිත්‍රයා කාරනාව.උබ මෙච්චර වෙලා ඇබලයා වගේ ජනේලෙන් බලන් හිටියේ මෙතනින් ඒලෙවල් ඉවර වෙලා යන කෙල්ලෝ දිහා.ඒත් දැන් මොහොතකට කලින් උබ ජනෙලේ වහලා දාලා බර කල්පනාවකට වැටුනා "

"ඒත් ඉතින් කොහොමද හරියටම කියන්නෙ මං හිතුවේ කෙල්ලෙක් ගැන කියලා" කුතුහලය ඉවසාගැනීමට නොහැකි වු තැන මම හෝම්ස්ගේ කතාවට බාධා කලෙමි.

"මට උපකල්පනය කරන්න පුලුවන් උබව අතීතෙට ගෙනියන්න හේතුව දැන් ටිකකට කලින් මෙතනින් ගිය  නලදතක් තියෙන කෙල්ල කියලා.මොකද මේ දවස් වල මැත්ස් ,බයෝ ඉවරයි.මට මත විදිහට උබ සෞන්දර්යාත්මක විශයන් වලට කැමතියි  .මෙතනින් ගිය කෙල්ල ආට් කරන්නෙ කියලා උබ උපකල්පනය කලා.ඒකි හුගක් දුරට උබේ කෑල්ලට සමාන ඇති.ඒකි ඇවිදින්නෙ ලතාවකට .ඒකෙන් අනිවා ඒකි නැටුම් කරනවා කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා .ඒකි මෙතන පහුකරන් යද්දි උබ හැරිලා බැලුවා.ඒත් උබේ ඔඩොක්කුවේ තිබ්බ පත්තරේ පොඩ්ඩක්වත් උඩට ඉස්සුනේ නෑ.අමු කුපාඩියෙක් වෙච්ච උබ මෙච්චර විනීතව කෙල්ලෙක් දිහා බලද්දි


උබේ පරන හුටපටයක් මතක් වෙලා කියලා නිගමනය කරන්න මට මහවෙලාවක් ගියේ නෑ"

"අම්මපා හෝම්ස් ඒකි මගෙ කෑල්ල වගෙමයි.උබ නම් මොලයක් නෙමේ මොල ගෙනියන නැවක්.ඒත් උබ කොහොමද හරියටම දැනගත්තේ ෆස්ට් ලව් එක කියලා"

"සරලයි බං.උබ හෙමින් සැරේ පත්තරේ දිහා බැලුවා.පත්තරේ තිබ්බේ චාමර වීරසිංහ ගැන ආටිකල් එකක්.ඒත් එක්කම උබ ඇස් පියාගෙන මේසෙට තට්ටු කලා.උබ කකුලෙන් තට්ටු කරපු වාර ගාන අනුව මට අනුමාන කරන්න පුලුවන් ඒක අනුමාන කරන්න පුලුවන් උබ මුමුනපු සිංදුව "මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක්විදිනා මම ඔබගේ පලමු පෙම්වතා" කියලා

"දෙයියන්නටම ඔප්පු වෙච්චාවේ හෝම්ස්.උබ නම් අතිදක්ශ ඩයල් එකක්"

හෝම්ස්ගේ හා මගේ විචක්ශනශිලි කතාබහට බාදා කරමින් නිවසේ විදුලි සීනුව නාද වෙන්නට විය.

"හෝම්ස්.අලුතෙන් කවුරුහරි වගේ"

"ඒකතමා බන්.උබ පොඩ්ඩක් ඩීසන්ට් විදිහට හැසිරියන්.මේ ටිකේ මගේ බිස්නස් වැඩිය නැති නිසා හඩ්සන් ගෑනි බරබරේ දානවා වැඩි"

අපගේ නිවසේ දොර විවෘත කරගෙන පැමිනියේ බේතකටවත් සිරුරේ රෝමකූපයක් වත් සොයාගත නොහැකි ලාබාල තරුනයෙකි.

"හෝම්ස් මහත්තයා"

තරුනයා අපගේ විසිත්ත කාමරයට ඇතුලුවුයේ තරමක් වික්ශිප්තවය.
"වාඩිවෙන්න මහත්මයා.උසස්පෙල විබාගයේ ව්‍යාපාර අද්‍යනය විශය දාරාව ඉවර උනාට  පස්සෙත් සැනසිලිදායක පෙනුමක් වෙනුවට ඔබේ මුහුනෙන් පේන්නෙ කලකිරුනු ස්වභාවයක්" හෝම්ස් ශාන්තව හඩ අවදි කලේය.

"ඔව් ඒත් ඔබතුමා කොහොමද දැනගත්තේ මන් ඒලෙවල් කොමස් කරා කියලා"

"සරලයි කාරනාව.ශ්‍රි ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල උසස්පෙල සිසුන්ගේ මුහුනේ  දක්නට ලැබෙන විඩාබර ගතිය ඔබේ මුහුනේ තවමත් නොමැකි ඉතිරි වී තිබෙනවා ඒ අනුව මන් නිගමනය කලා ඔබ මෙවර විබාගයට මුහුණ දුන් සිසුවෙක් බව.ඔබේ ඇස් වල තිබුනේ තියුනු බැරෑරුම් පෙනුමක් .ඉතින් මේ වගේ බැරෑරුම් පෙනුමක් ලැබෙන්නේ සමාගම් ගාන වගේ අතිශය සංකීර්ණ  ගනිත කර්මවල නිරන්තරයෙන් යෙදිම නිසා.ඒ අනුව මන් නිගමනය කලා ඔබ මෙවර වානිජ විශය දාරාව හදාරා ඇතිබව"

තරමක් ආඩම්බයෙන්  මා දෙස බැලු තරුනයා යලි ඔහුගේ කතාව පටන්ගත්තේය.

"මේකයි හෝම්ස් මහත්තයා.ඒ ලෙවල් ඉවර වෙලා මන් හුගක් නිදහසේ ඉන්න හිටියේ.ඒත් විබාගේ ඉවර උන ගමන්ම ට්‍රිප් 9 ක් ඕගනයිස් කරලා .ඒ අස්සේ බැච් පාටි 2ක්.මෙච්චර දේවල් වලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද? ඒත් මට හිතාගන්න බැරි අනිත් හැමෝම මේ වැඩ වලට කැමතියි.උන් හා කිව්ව නිසා මාත් එන්නම් කිව්වා.මට හිතාගන්න බැරි උන්ට කොහෙන්ද ඔච්චර සල්ලි කියලා .මට මේකට විසදුමක් ඕනේ හෝම්ස් මහත්තයා"

තරමක් උපහාසාත්මක ලෙස මා දෙස හෝම්ස් කතාව යලි ආරම්බ කරද්දීම ඔහුගේ දුරකථනය නාද වන්නට විය.

"මොකද වොට්සන් උබ මට කෝල් කරන්නේ"

හෝම්ස්ගේ දුරකතනයේ සදහන් වී තිබ්බෙ මගේ දුරකතන අංකයයි.

"මන් කෝල් කලේ නෑ හෝම්ස් "පුදුමයෙන් වික්ශිප්තව වූ මා හෝම්ස්ට පැවසුවෙමි"

අප හිදගෙන සිටි ආසනයේ කෙලවරක තිබු මගේ දුරකතනය ගත් හෝම්ස් එය ක්‍රියාවිරහිත කර
"වැරදීමකින් එබෙන්න ඇති බන් "  යැයි පවසා පවසා  නැවත තරුනයා දෙසට හැරුනේය

"ලෝහිත පරික්ෂණයට පසුව මගේ වඩාත් සිත් ඇදගන්නා සුලුම ගැටලුව මේක උනත් මේකට තියෙන්නේ හුගක් සරල විසදුමක්.ඔය ට්‍රිප් ඕගනයිස් කරන කොල්ලෝ ඕවා දාගත්තට උන්ටත් අතේ සල්ලි නෑ.ඉතින් ට්‍රිප් ගොඩක් තිබ්බට බය වෙන්න දෙයක් නෑ.ට්‍රිප් එක යන දවස් වෙද්දි ඒකා දෙන්නා මගඇරලා ගිහිල්ලා අන්තිමටම ට්‍රිප් එක යන්න කවුරුත් නැතුව ඒක ඉබේම අතුරුදහන් වෙනවා.හරියට බැදුම්කර වංචාව වගේ වෙච්ච දෙයක් කවුරුත් දන්නෑ.බැච් පාටි ගැන නම් සැලකිලිමත් වෙන්න වෙනවා.බැච් පාටි වලදි මුලට උනුසුම තිබ්බට පහුවෙද්දි ඕකේ උනුසුම අඩු වෙනවා.ඒත් ඕවා  නතර වෙන්නේ නෑ.මොකද ඕවා ඕගනයිස් කරපු උන් ගොඩක් දේවල් වලට වියදම් කරලා තියෙන්නේ .ඒක නිසා බැච් පාටිය නොතියා හිටියොත් උන් අතින් කයිට් වෙන සීන් එකක් තියෙන්නේ .ඒ නිසා බැච් පාටිවලට අදාල සල්ලි විතරක් හොයාගත්තම ඇති."

ප්‍රිතියෙන් දිලිසෙන දෑසින් යුතුව තරුනයා අපහට ස්තූති කරමින් පිටව ගියේය.

"මහ පුදුම කොල්ලෙක් නේද හෝම්ස්" තරුනයා පිටවු පසු මම හඩ අවදි කලෙමි.

"ඌ කොල්ලෙක් නෙමෙ බන් .කොලුකාරයෙක් බන්"

"උබ කොහොමද එහෙම කියන්නෙ"මා පෙරලා හෝම්ස්ගෙන් ප්‍රශ්න කලෙමි.

"ඌ ආව වෙලාවේ ඉදන් උබ දිහා කන්න වගේ බලන් හිටියා.ඕක ශුවර් කරගන්න මන් හොරෙන් උබේ පෝන් එකෙන් මගේ පෝන් එකට කෝල් එකක් ගැහුවා.එතකොට උබේ නම්බරේ මගේ පෝන් එකේ උබේ නම්බරේ වැටෙනවනේ.මට 100%ක් ශුවර් ඌ ඒක මතක තියාගෙන ගිහින් උබට මැසේජ් එකක් දානවා."

එවිටම වාගේ මාගේ දුරකතනයේ කෙටි පනිවිඩයක් දිස්විය.

"Hi ayye.mn ara kalin awa malli"

එය දුටු විගස මට හෝම්ස්ගේ සියලු නෑයන් මතක් විය.

"හෝම්ස් මොන හු##$&*-
$';???$#"

Comments