ගම්පහ අපි

කළ්‍යාණි චේතියේ කොත් රජු රජකරන්නට
සීගිරි ලදුනට පන පොවන්නට
තේවත්ත පල්ලියේ ශිඛර බබලවන්නට
හෙළ ලියවැල් අතරින් සිකිපිල මතුකරන්නට
දැරු උත්සහයේ ප්‍රතිඵලයි මේ ප්‍රාකාර පුරවා ඇත්තේ....
හිරු රශ්මියෙන් පීඩිත වු දහවල් අටකින්ද
නිදිවර්ජිත රාත්‍රින් අටකින්ද
අනතුරුව ගම්පහ අපි  නම්වූ
ඒ මිත්‍රත්වයේ ජවය මේ ප්‍රාකාර පුරා
සගවා ඇත මිතුර
අවසාන වශයෙන් මිතුර
විදගන්න සිතුවමෙහි මිහිරියාව
නමුදු වනසන්න එපා එහි චමත්කාරය
ඒ මන්ද යත් මේ සිතුවම් ඇද ඇත්තෙ දියසායමෙන් නොවේ
සිය ගනනක් තරුණ තරුණියන්ගේ දහදියෙනි

Comments