නාදුනන්නී

මා නුඹද නුඹ මාද දැනසිටියත් තවම මා ආගන්තුකයෙකි නුඹට
ඉතින් නුඹ මට නාදුනන්නියකි
කලකින් හමුවන නුඹේ ප්‍රහර්ෂය අප සමීපතයින් කලත්
නොදනිමි මා අපගෙ පරතරය

පුදුමයි මට නුඹේ ඉවසීම
මගෙ දඟවැඩ නුඹට ගානක්වත් නැත
"මං ඕවා ගනන් ගන්නෑ  අනේ" කියා
නුඹ තොදොල් බසින් කීවිට
නුඹ මට මේතරම්ම සමීපදැයි නොවැටහේ

විටෙක නුඹ නිශ්ශබ්දය
පාලු බිංගෙයකටද වඩා නුඹේ ආත්මය ගුප්තය
තවත් විටෙක නුඹ සිනහා මවයි
ඒ පාලු බිංගෙයම දෙවනත් කරන කෝච්චියක්  ලෙසින්
නාදුනන්නියේ  මා කෙසෙ නුඹ තේරුම් ගන්නද?


ඉතින් නාදුනන්නියේ පැනයක් ඇත මට නුඹෙන් විමසීමට
"මා නුඹේ කව්ද ?"
වෙනකෙකුගෙ අතහිමි නුඹට කොයින්ද පිළිතුරක්?
ඉතින් නාදුනන්නියේ මා සැමදා ආගන්තුකයෙකි නුඹේ ජීවන මංසලට

Comments

  1. The Orleans Hotel & Casino | Mapyro
    The Orleans Hotel & Casino is a hotel and casino 태백 출장안마 located in 고양 출장마사지 the French Quarter near the French Quarter. Location: 구미 출장샵 1414 밀양 출장샵 Miles From The French 공주 출장안마 Quarter. The casino offers

    ReplyDelete

Post a Comment