සාමයේ දේවතාවියො

 සාමය යනු  මිනිස් සිතේ ඇති සැනසිලිදායක සිතුවිල්ලකි .නමුදු සාමය ගැන මා තුල පැවතියෙ වෙනම අදහසකි.එයට සාන්තද සෑහෙන්න වගකිව යුතුය.මා සාමය දුටුවේ පරවියන්ගෙන් නොව සාමයේ දේවතාවියන්ගෙනි.එනම්  අක්කලගෙනි.මා හට අවුරුදු 4 ක් 5ක් කාලෙ මමත්  අයියත්  රන්ඩු වෙද්දී බලාගත්තෙ අක්කා කෙනෙකි.එකල සාමය ගැන අදහසක් මා හට  නොතිබ්බත් දැන් අතීතාවර්ජනය කර බලද්දී  මා හට  සාමය ගෙනාවෙ  අක්කා කෙනෙක් බව දැන් වැටහේ.ඊටත් වඩා සාන්තගෙ අක්කලා සම්බන්ධ අත්දැකීම් මගෙ සිතෙ සෑහෙන්න විපර්යාසයක් ඇති කලේය.සාන්තගෙ සාමය පිලිබද අදහස දැන් මා තුලද වැඩි ඇත.සාන්තගෙ බාසාවෙන් එය කිව්වොත් මෙසේය.


මිනිස්සුන්ට සාමය ගේන්නෙ අක්කලා බන්.

මට මුලින්ම මතක සිද්දිය වෙන්නෙ මං 6 වසරෙන් අලුත් ඉස්කෝලෙකට ගිහිල්ලා වෙච්ච දෙයක් .ඉන්ටවල් එකෙදි  ඇවිදන් යද්දී  එකපාරටම අයියා කෙනෙක්ගෙ වැලමිටෙ මගෙ ඔලුව හැප්පුනා .ඔලුව හැප්පුනු වෙලාවෙ ඒ පොඩි වයස නිසාද කොහෙද මං ඒ ලගම බංකුවක් ලගට වෙලා අඩන්න ගත්තා.ඒ වෙලාවෙ මගෙ පිහිටට ආවෙ වෙන කවුරුත් නෙමේ අක්කලා දෙන්නෙක්."ඇයි මල්ලි අඩන්නෙ" කියලා අක්කලා දෙන්නෙක් මගෙ දෙපැත්තෙන් වාඩිවෙලා මගෙන් ඇහුවා.මාත් ඉතින් ඉකි ගගහා කිව්වා වෙච්ච දේ.ඒ අක්කලා දෙන්නත් මගෙ ඔලුව අතගාලා මාව ශේප් කරලා කන්න මොනවාහරි අරන් දෙන්නද ඇහුවා.මං එපා කිව්වා .කොහොමහරි උන් දෙන්න ඉන්ටවල් එක ඉවර වෙනකම්ම මං ගාවින් හිටියා. ඒ වෙලාවෙ මට හිතුනෙ එක දෙයයි.අක්කලා කියන්නෙ සාමයෙ දේවතාවියො බන්.අක්කලා අපිට ආදරෙයි..........ඊලගට මට මතක 7වසරෙ වෙච්ච සිද්දියක් .සිද්දියක් කිව්වට සිද්දි දාමයක්.සාමය ගැන කතාකරද්දි යුද්ධය ගැනත් කතානොකර බෑනෙ .එතකොට 11 වසරෙ හිටියා අයියලා දෙන්නෙක් .සහනුයි මලිදුයි කියලා.මුන් දෙන්නටම පොඩි මානසික ආබාදයක් තිබ්බා .මලිදු අයියා ටිකක් කලුයි .නුඩ්ල්ස් රැලි වගෙ කොන්ඩෙ.ලොකු අයියලා මලිදු අයියා එද්දී අපිට කතාකරලා කියනවා "මල්ලි අරූට ව#$කොටා කියහන්" අපිත් ඒ අයියලට තිබ්බ බයටම මලිදු අයියට ව#$කොටා කියලා දුවනවා.පව් වැඩ බන් ඒ කාලෙ අපි කරේ.මලිදු අයියත් නිකං ඉන්නෙ නෑ යකඩ පොල්ලක් උස්සන් අපෙ පස්සෙන් පන්නන්නෙ .ඉතින් මලිදු අයියට ජොක් කරනවා කියන්නෙ මරණ සහතිකෙ අත තියන් බත් කනවා වගෙ වැඩක්.අනික් ඩයල් එක සහන් අයියා.සුදු උස කොල්ලෙක්

. මලිදු අයියා තරම් අවුල් නොවුනත් සහන් අයියත් වෙනම ට්‍රැක් අවුල් ඩයල් එකක්.වැඩෙ කියන්නෙ මුන් දෙන්නා තරහයි.ඒ හින්දම මුන් දෙන්නම එක ලගක ඉන්නවා දකින්න ලැබෙන්නෙ කලාතුරකින් .ඔතනට මාව සම්බන්ධ වෙන්නෙ ඉස්කොලෙ ඇරුනට පස්සෙ.ඉස්කෝලේ ඇරුනට පස්සෙ මං තාත්තා එනකන් ඉන්න තැනම තමා සහන් අයියත් ඉන්නෙ.ඒවගෙම තමා එතන සහන් අයියගෙ පන්තියෙ අක්කා කෙනෙකුත් ඉන්නවා  විහගි කියලා.ඊට අමතරව ඔය අක්කා එක්ක නිතරම කතා කරන කොල්ලෙක් ඉන්නවා මදුශ කියලා.මට ඉතින් කරන්න වැඩකුත් නෑනෙ .සහන් අයියා එක්ක කතාවක් දාගෙන ඉන්න ගමන් අර දෙන්නා කතා කරන එකත් අහගෙන ඉන්නෙ.සහන් අයියා ගැන මට තිබ්බෙ පට්ටම අනුකම්පාවක්.විහගි අක්කත් සහන් අයියට කතාකරනවා  ඉස්කොලෙ වැඩ කලාද අරවා මේවා අහලා.ඒ අක්කත් සහන් අයියට අනුකම්පා කලා........ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙච්ච දවස ආවා.සහන් අයියයි මලිදු අයියයි ගහගන්න දවස.එදා සහන් අයියා කියලා තිබ්බෙ මලිදු අයියට ඉස්කොලෙ ඇරුනට පස්සෙ ගහනවා කියලා.අයියයි මලිදු අයියයි ගහගන්න දවස .එදා ඉස්කෝලෙ ඇරුනට පස්සෙ මං අයිස් පැකට් දෙකක්ම කලින් ගත්තෙ ඒ වලියෙ පොඩි කෑල්ලක් වත් මිස් කරගන්න බැරි නිසා .ගොඩක් කට්ටිය වටවෙලා බලන් ඉද්දි මලිදු අයියා ආවා සහන් අයියා ගාවට.දැන් මුන් දෙන්නා බැනගන්නවා.හරියටම දෙන්නා ගහගන්න යද්දීම විහගි අක්කා එතනට ගිහිල්ලා දෙන්නටම බැන්නා. බැනලා මලිදු අයියටත් යන්න කියලා සහන් අයියව අපි ඉන්න තැනට එක්කගෙන ආවා.ඒ වෙලාවෙ මට විහගි අක්කව පෙනුනෙ සාමයෙ දේවතාවියක් විදිහට.විහගි අක්කා සහන් අයියට උපදෙස් දෙනවා අම්මා කෙනෙක් වගෙ.එදායින් පස්සෙ මං විහගි අක්කා ගාවින් හෙල්ලෙන්නෙ නෑ .ඉස්කෝලෙ ඇරුනට පස්සෙ.මදුශ අයියා වෙන කෙල්ලෙක් යාලු කරලා දෙන්න කියලා විහගි අක්කට හැමදම කියනවා.දවසක් මදුශ අයියා "ඉතින් අපි දෙන්නා යාලු වෙමුකො "කිව්වම මට තේරුනා ගොනා හැරෙන්නෙ පොල් පැලෙ කන්න කියලා.එදා විහගි අක්කා" පිස්සු කතා කරන්න එපා" කියලා කිව්වත් මං මදුශ අයියා ගැන සෑහෙන්න සෙවිල්ලෙන් හිටියේ.මගෙ දේවතාවිය මං ආරක්ශා කරන්න ඕනෙනෙ.විහගි අක්කා ඕලෙවල් කරලා වෙන ඉස්කෝලෙකට යනකංම මං හැමදාම සාමය දැක්කා අක්කගෙන්.හැබැයි එකක් කියන්න ඕනේකිසි දවසක අපි ගහගද්දි නම් අපේ පන්ති වල කෙල්ලො අපිව බේරුවෙ නෑ .එකෙක් මැරෙනකන් හරි උන් බලන්  හිටියා .

ඊලගට තව අක්කලා ගොඩක් මට හම්බුනා සමහර කාලවලදි සාමය උදාකරපු .ඊටත් ගොඩක් කාලෙකට පස්සෙ ......මං ඒලෙවල් දෙවෙනි සැරෙට කරන්න අරන් .සෑහෙන්න දේවල් වෙනස් වෙලා.ඒ වෙද්දී කෙල්ලො,බීමත්කම නිසාම මාත් අවුල් වෙලා .දවසක් මං පන්තියක පේපර් එකක් ගන්න යද්දී ඒ පේපර් එක බලලා තිබ්බෙ මං දන්න අක්කා කෙනෙක්.ලකුණු 30ක් තිබ්බ මගෙ පේපර් එක අතට අරන් "මල්ලී.දෙමව්පියෝ සෑහෙන්න මහන්සි වෙනවා නේද ඔයාට උගන්නන්න .මෙහෙම වැඩ කරන්න එපා." කිව්වා."හරි හරි මං බලන්නම්කො "කියලා අක්කගෙ ඔලුවට තට්ටුවක් දාලා ආවා.ඒ වෙලාවෙත් මගෙ ඔලුවට ආවෙ අක්කලා සාමයෙ දේවතාවියො.අක්කලා අපිට ආදරෙයි.


සාන්තගෙ කතාව එසේය.ඉන්පසු සාන්තව මට හමුවන්නෙ සාන්තගෙ විවාහයේදිය.ඔහු අක්කා කෙනෙක් සමග විවාහ වී ඇත."උබ අක්කා කෙනෙක්වම බැන්දනෙ "මම කීවෙමි. මද සිනාවකින් මුව ආවරණය කරගත් සාන්ත ඇසක්වසා 'සාමය' කියා කිව්වෙය.විවාහයෙන් වසරකට පමණ  පසු සාන්තව මට මුණගැසුනුවිට පරණ විස්තර අතර ඔහු කිව්  කතාව මට තාමත් විශ්වාස කල නොහැකිය.


"මං විබාගෙ ඉවරවෙලා මුලින්ම ජොබ් එක කරපු කාලෙ මට තද ඔලුව කැක්කුමක් ආවා.මං ඉස්පිරිතාලෙට ගිහින් කිව්වම  මට ක්ලිනික් එකකට යන්න කිව්වා.ස්නායු සම්බන්ධ ක්ලිනික් එකක්.තට්ටු පහක බිල්ඩිමක උඩම තට්ටුවෙ  මං ස්නායු රෝග  සායනයෙ පෝලිමේ ඉද්දි තව ක්ලිනික් එකක පෝලිමක විහගි අක්කා ඉන්නවා .ක්ලිනික් එකෙ නම මානසික රෝග සායනය."


තවමත් සාන්තගෙ  එම කතාව මා විමතියට පත් කලත් මා විශ්වාස කරන්නෙ එක දෙයකි.අක්කලා යනු සාමයෙ දේවතාවියොය.අක්කලා අපිට ආදරේය

Comments

  1. නියමයි අයියේ. ආසාවෙන් කියෑවේ.😍😍😍😍😍 කුණුහරුප. : 0%
    sex :0%
    තේරුම : 0%

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment