සාමයේ දේවතාවියො
සාමය යනු මිනිස් සිතේ ඇති සැනසිලිදායක සිතුවිල්ලකි .නමුදු සාමය ගැන මා තුල පැවතියෙ වෙනම අදහසකි.එයට සාන්තද සෑහෙන්න වගකිව යුතුය.මා සාමය දුටුවේ පරවියන්ගෙන් නොව සාමයේ දේවතාවියන්ගෙනි.එනම් අක්කලගෙනි.මා හට අවුරුදු 4 ක් 5ක් කාලෙ මමත් අයියත් රන්ඩු වෙද්දී බලාගත්තෙ අක්කා කෙනෙකි.එකල සාමය ගැන අදහසක් මා හට නොතිබ්බත් දැන් අතීතාවර්ජනය කර බලද්දී මා හට සාමය ගෙනාවෙ අක්කා කෙනෙක් බව දැන් වැටහේ.ඊටත් වඩා සාන්තගෙ අක්කලා සම්බන්ධ අත්දැකීම් මගෙ සිතෙ සෑහෙන්න විපර්යාසයක් ඇති කලේය.සාන්තගෙ සාමය පිලිබද අදහස දැන් මා තුලද වැඩි ඇත.සාන්තගෙ බාසාවෙන් එය කිව්වොත් මෙසේය. මිනිස්සුන්ට සාමය ගේන්නෙ අක්කලා බන්. මට මුලින්ම මතක සිද්දිය වෙන්නෙ මං 6 වසරෙන් අලුත් ඉස්කෝලෙකට ගිහිල්ලා වෙච්ච දෙයක් .ඉන්ටවල් එකෙදි ඇවිදන් යද්දී එකපාරටම අයියා කෙනෙක්ගෙ වැලමිටෙ මගෙ ඔලුව හැප්පුනා .ඔලුව හැප්පුනු වෙලාවෙ ඒ පොඩි වයස නිසාද කොහෙද මං ඒ ලගම බංකුවක් ලගට වෙලා අඩන්න ගත්තා.ඒ වෙලාවෙ මගෙ පිහිටට ආවෙ වෙන කවුරුත් නෙමේ අක්කලා දෙන්නෙක්."ඇයි මල්ලි අඩන්නෙ" කියලා අක්කලා දෙන්නෙක් මගෙ දෙපැත්තෙන් වාඩිවෙලා මගෙ...








